අනුරාධපුර යුගයෙන් පසුව ශ්‍රී ලංකාවේ අග නගරය බවට පත්වූයේ පොළොන්නරුවයි.මෙම පොළොන්නරු නගරය අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී බලයට පත්වූ චෝළ ආක්‍රමණිකයන් විසින් විනාශයට පත්කළ අතර ක්‍රි.ව.1055-1110 අතර කාලය තුල රජකළ මහා ව්ජයබාහු රජු එවකට විනාශයට පත්ව තිබූ වෙහෙර විහාර මෙන්ම වාරි ශිෂ්ටාචාරය ද නගා සිටුවීමට කටයුතු කළේ ය.පොළොන්නරුව සංවර්ධනය කිරීමෙහි මූලික මෙහෙවරක යෙදුණු පරාක්‍රමබාහු රජු ක්‍රි.ව.1153-1186 කාලය තුල වෙහෙර විහාර මෙන්ම වැව් අමුණු ආදිය ද ඉදිකරමින් ශාසනික මෙන්ම ආර්ථික වශයෙන් ද පොළොන්නරුව සමෘද්ධිමත් කිරීමට කටයුතු කළේය.ක්‍රි.ව.1187-1196 අතර රජකළ නිශ්ශංකමල්ල රජු විසින් එබඳුම මෙහෙවරක් ඉටුකළ ද ඔහුගෙන් පසුව බලයට පත්වු පාලකයන්ගේ දුර්වලකම හේතුවෙන් දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙකු වූ කාලිංග මාඝ විසින් ඉතා පහසුවෙන් පොළොන්නරුවේ පාලනය අත්පත් කරගත්තේය.මෙකී තත්ත්වය හේතුවෙන් රාජධානිය දඹදෙණිය කරා සංක්‍රමණය වූ අතර පොළොන්නරුව වල් බිහිවන්නට විය.රජවරුන්ගේ පහසලත් ආගමික ආයතන මෙන්ම නගරය ද වන රොදින් වැසී ගත් අතර නැවත හෙළි පෙහෙළි කිරීම් බ්‍රිතානය්‍ය පාලන සමයේදි ඇරඹිණි.එතැන් සිට අද දක්වා මෙසේ සැඟව පැවති ඉතිහාසය නැවත මතු කරළීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සහ එ යටතේ ක්‍රියාත්මක වන සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය තුලින් ද සිදුවිය.වර්තමානය වනවිට මෙම ඓතිහාසික නගරය ලෝක උරුමයක් බවට ද පත්ව තිබේ.
View Larger Map
View Larger Map