Friday, January 13, 2012

ගල් විහාරය

එකල "උත්තරාරාමය" යනුවෙන් හැඳින්වූ මෙම විහාරය පොළොන්නරු නගරයට උතුරු දෙසින් පිහිටා ඇත.සංඝයා වහන්සේ අතර සමගිය ඇති කිරීම පිණිස දිබුලාගල කාශ්‍යප මහ තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම ස්ථානයෙහි ධර්ම සංගායනාවක්ද පවත්වා ඇති අතර මෙහි තිබූ ගල බිඳවා බුද්ධ ප්‍රතිමා හතරක් නිර්මාණය කර ඇත.ප්‍රධාන සමාධි බුදුරුව අඩ් 15 අඟල් 2 1/2 කින් යුක්ත වන අතර දෙපස සිංහ රූප චාමරධාරීන් මෙන් ම බ්‍රහ්ම, විෂ්ණු සහ වෙනත් දෙවිවරුන්ගෙන්ද සමන්විත වන විද්‍යාධර ගුහාවෙහි වූ ප්‍රතිමාව උසින් අඩ් 4 අඟල් 7 කි.හිටි පිළිමය උසින් අඩ් 22 අඟල් 9 ක් වන අතර සැතපෙන ප්‍රතිමාව දිගින් අඩ් 41 අඟල් 4 කි.මෙම ප්‍රතිමා සියල්ලම බදාම ගල්වා තීන්ත ආලේපකර තිබූ බවට නිගමනය කළහැකි අතර ප්‍රතිමා මන්දිර ද වෙන් වෙන්ව පිහිටා තීබූ බව ඉදිරිපස වූ අත්තිවාරම් කොටස් වලින් සනාථ වේ.

No comments:

Post a Comment