Friday, January 13, 2012

රාජසභා මණ්ඩපය

1 පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන  "රාජසභා මණ්ඩපය"පසුකාලීනව දඹදෙණියෙහි විසූ 2 පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කර ඇත.දිගින් අඩ් 75 අඟල් 6 කින් හා පළලින් අඩ් 33 අඟල් 6කින් යුත් මෙය වේදිකා තුනකින් සමන්විත වේ.පළමුව එකිනෙකට වෙනස් ඉරියව්වෙන් යුත් ඇත් රූප පෙළ ප්‍රමුදිත ව ගමනේ යෙදී සිට්න අතර දෙවනුව ඉදිරිය බලාසිට්න සිංහ රූප පෙළ හිඳි ඉරියව්වෙන් දක්නට ලැබේ.තෙවනුව ඇති වාමන රූප පෙළ සතුට දනවන අයුරින් නිර්මාණය කර ඇත.අඩ් 11අඟල් 6ක උසකින් යුත් මෙම ගොඩනැගිල්ලෙහි පොළවේ මනහර කැටයමින් යුත් සම උස ගල් කුළුණු සතර පෙළක් ද දෙපස කොරවක් ගල් සහිත සඳකඩපහන දෙකකින් යුත් පියගැටපෙළක් ද දැකිය හැකිය.උඩ කෙළවර දෙපස ඉදිරිය බලා සිටින සිංහ රූප දෙකක් ද පැහැදිලිව දැකගත හැකිය. 

No comments:

Post a Comment