Wednesday, January 11, 2012

පරාක්‍රමබාහු රාජ මාලිගය


වෛජයන්ත ප්‍රාසාදය(සියලු යස ඉසුරෙන් පරිපූර්ණ වූ හෙයින්) හා සත්බුමුපාය (මහල් සතක් පැවති හෙයින්) යන අන්වර්ථ නාමයන්ගෙන්ද හඳුන්වනු ලබන "පරාක්‍රමබාහු රාජ මාලිගය" දිගින් අඩ් 150 ක් හා පළලින් අඩ්150 ක් වූ සුවිසල් මන්දිරයකි.මෙය ඉදිරිපස සුවිසල් සභාශාලාවක් හා රාජ භාණ්ඩාගාරය ලෙස සැලකිය හැකි අභ්‍යන්තරයෙහි වූ කුඩා කාමර වලින් ද යුක්ත වූ අතර රජ පවුල සඳහා වෙන්ව තිබූ උඩු මහල් වලට පිවිසෙන පියගැටපෙළ සුවිසල් ව ගලින් නිමකොට තිබිණි.ඉතා උස් වූ ඝන බිත්තිවල විවර හා තිරස් අවකාශයන් දැවමය කුළුණු හා බාල්ක යොදා නිර්මාණය කර තිබූ බව වර්තමානයේ දක්නට ලැබෙන මහල් තුනෙන් සනාථ වේ.මාඝ ආක්‍රමණ හේතුවෙන් පසුකාලීනව විනාශයට පත්වුව ද අවශේෂයන් මෙතරම් දෘශ්‍යමානව පවතින මෙරට ඉතිරිව ඇති එකම මාලිගය ද මෙය වේ.   

No comments:

Post a Comment